Followers

Showing posts with label General. Show all posts
Showing posts with label General. Show all posts

Thursday, May 28, 2020

වසර පහකට පසු තවත් උත්සාහයක්!

Image: quoteswave.com
බ්ලොග් එක පටන් අරන් අවුරුදු පහක් ගත්ත වුණත් පළවෙනි පෝස්ට් එකෙන් පස්සෙ මොකුත්ම ලියන්න බැරි උනා. :) අධ්‍යයන කටයුතු වල සහ පෞද්ගලික ජීවිතයේ සිදුවුන තීරණාත්මක වෙනස්කම් කීපයක් වගේම, ලියන්න තියෙන සහජ කම්මැලිකමත් ඒකට හේතු උනා. ඒත් මෑතක ඉඳන් facebook එකේ ගත කරන කාලය අපරාදෙ කියලා හිතන නිසා ඒ වෙනුවට මෙතන මොන්වා හරි ලියන්න ඕනේ කියලා හිතුවා. 

 කොහොමත් මම දක්ෂ ලියන්නෙක් නෙමෙයි, මේ උත්සහයත් කොච්චර දුරට සාර්ථක වෙයිද කියන්න මම දන්නේ නෑ.  පුළුවන් විදිහට, ඉඩ ලැබෙන හැටියට, හිතෙන හැටියට මගේ අදහස් මෙහි ඔබත් එක්ක බෙදා ගන්න බලන්නම්!