Followers

Saturday, May 30, 2020

කොරෝනා කාලේ ස්වීඩනය-1


Image: outbreaknewstoday.com
මුලු ලෝකයම කොරෝනා වසංගතයට එරෙහිව අඩු වැඩි වශයෙන් එකම විදිහේ උපක්‍රම අනුගමනය කරද්දී, මිලියන දහයක විතර, සාපේක්ෂව කුඩා ජනගහනයක් (ලෝකයේ 91 වන ස්ථානය) සිටින ස්වීඩනය අනුගමනය කරන්නේ ඉතාමත්ම වෙනස් උපක්‍රමයක්. ඔවුන් අවම සීමාකිරීම් සහිතව, ජන ජීවිතය හැකි තරම් සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යන්න උපරිම උත්සාහයක් දරමින් සිටිනවා.

මැයි මස අග වනවිට එහි තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 36000 ක් පමණත්, 4000කට අධික මරණ සංඛ‍යාවකුත් වාර්තා වෙනවා. එනම් මරණ ප්‍රතිශතය 12% ක පමණ අගයක් ගන්නවා. පහත වගුවේ පෙන්වන ලෙසට, මෙය ස්කැන්ඩිනේවියානු කලාපයේ අනිත් රටවල් වලට සාපේක්ෂව ඉහල අගයක්.

Source: COVID-19 Dashboard by the Center for Systems Science and Engineering (CSSE) at Johns Hopkins University (JHU), as per 2020-05-30
එසේ වුවත් ස්වීඩනයේ ලොක්ඩවුන්, ෂට්ඩවුන්, කර්ෆිව් මොකුත් නෑ! විශ්වවිද්‍යාල සහ හයිස්කූල් වල  on-line ඉගැන්වීම් කෙරෙනව. ඒ ඇරෙන්න පුංචි ලමයින්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල් සහ අනිකුත් සියලුම පාසල් කිසිම බාධාවකින් තොරව සුපුරුදු විදිහට ක්‍රියාත්මක වෙනව. ෂොපින් යන්න, හවසට පබ් එකකට ගිහින් බියර් එකක් බොන්න, ජිම් එකට යන්න, එලිමහනේ ජොගින් කරන්න, මිනිස්සුන්ට මේ සේරම බාධාවකින් තොරව කරන්න පුලුවන්. සාමාන්‍ය ජනතාවට මුහුණු ආවරණ, අත් ආවරණ භාවිතයට උපදෙස් දීලත් නෑ, ඒ නිසා ඔවුන් ඒවා භාවිතා කරන්නෙත් නෑ.

PYP students on the swing
Image: internationalschoolofthestockholmregion.stockholm.se
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී වුවත් ස්වීඩන් ආර්ථිකයත් කොරෝනා වසංගතයේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ නැහැ. දැනටමත් විවිධ අංශ වල සේවකයන් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වෙලා. 2020 වසර අවසන් වන විට මිලියන භාගයකට පමණ රැකියා අහිමි වනු ඇති බවයි ස්විඩන් රජයේ පුරෝකථනය වන්නේ. මූලිකවම සංචාරක, හෝටල්, මෝටර් රථ අලුත්වැඩියා, සංස්කෘතික, විනෝදාස්වාද සහ කර්මාන්ත අංශයේ සේවකයන් මීට ඇතුලත් වනු ඇති.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගනු ලැබූ වෙනස් ප්‍රවේශයට පසුබිම් වන, ස්වීඩනයේ රාජ්‍ය පාලනය කිනම් ආකාරයක් ගනීදැයි දැන් අපි බලමු. ස්වීඩනයේ පවතින්නේ පාර්ලීමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක් (constitutional monarchy). ඔවුන්ටත් රජෙක් සහ රජ පවුලක් සිටිනවා, රාජ්‍යයේ නායකයා (head of the state) හැටියට සැලකෙන්නේ රජුයි. නමුත් මේ රජුට රාජ්‍යයේ නායකයා ලෙස කිසිදු ව්‍යවස්ථාපිත බලයක් පැවරී නැහැ. එය හුදෙක් නාමික තනතුරක් පමණයි. රටේ නීති පැනවීමේ බලය තිබෙන්නේ අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවටයි. කෙසේ වෙතත් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ ඇමතිවරයෙකුට ලැබෙන වරප්‍රසාද මෙන් කිසිවක් මොවුන්ට හිමිවන්නේ නැහැ. (ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න බලාපොරොත්තු වෙන නිසා වැඩි විස්තර මෙතන නොලියා ඉන්නම්). මෙහි ඇති  ඉතාම වැදගත් ලක්ෂණය වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවේ අමාත්‍යංශ වලට අනුබද්ධව, අති ප්‍රබල ස්වාධීනත්වයක් සහිත ආයතන (statlig myndighet) පද්ධතියක් පිහිටුවා තිබීමයි. මෙම ආයතන වලට නීති පැනවීමේ බලයක් හෝ හැකියාවක් නැතත්, තමන්ගේ විශයපථයට අදාලව රටේ බැරෑරුම් අවස්ථාවක් පැන නැගුන විට, ඒ සඳහා තම නිර්දේශ ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා.

ඉහත සඳහන් කල ආයතන අතරින් රටේ ජනතාවගේ සෞඛ‍යය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ස්වාධීන ආයතනය වන්නේ මහජන සෞඛය ඒජන්සියයි (Folkhälsomyndigheten). රටේ වසංගත තත්ත්වයක් ඇතිවුන විටදී ඊට මුහුණදීම සඳහා විශාලතම වැඩකොටස පැවරෙන්නේ මහජන සෞඛය ඒජන්සියට සම්බන්ධ, "රජයේ වසංගතවිද්‍යාඥ" (Statsepidemiolog) යන ධූරය දරන්නාටයි. වර්තමානයේ එම තනතුර දරන්නේ වෛද්‍ය විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් හිමි ඇන්ඩර්ස් ටෙග්නල් (Dr. Anders Tegnell) නමැත්තායි.
Dr. Anders Tegnell, State Epidemilogist
ඇන්ඩර්ස් ටෙග්නල් ප්‍රමුඛ මහජන සෞඛය ඒජන්සිය ඉදිරිපත් අනුගමනය කල උපායමාර්ගය සහ ඊට එල්ල වන විවේචනත්, එහි මේ වනවිට ලබා ඇති ප්‍රගති සමාලෝචනයත් මෙතනම විස්තර කරන්න ගියොත් මේ සටහන ගොඩක් දික් වෙනව, ඒ නිසා ඉතුරු කොටස ඊලඟ සටහනෙන් ....

Friday, May 29, 2020

මගේ මිත්‍ර විරාජ්ගේ සටහනට ප්‍රතිචාරයක්!!

විරාජ්  කියන්නේ  කැම්පස් එකේ මගේ බැච් එකේ හිටපු, පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයත් දරපු ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්. පසු කාලීනව ශිෂ්‍ය දේශපාලනයේදි මගේ ප්‍රතිවාදියෙක් උනත්, අදටත්  හිත හොඳින් ආශ්‍රය කරන මිත්‍රයෙක්.  කැම්පස් එකේදි දේශපාලනය කතා  කිරීම වරදක් හැටියට දැක්කත් ඔහු දේශපාලනය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්.  මීට දින කිහිපයකට කලින් තිබුණු "විජයග්‍රහණයේ සැමරුම" දවස් වල විරාජ් "මාවිල් ආරු සොරොව්ව වැසූ මල්ලී වෙත ලියා දන්වන වගනම්..." කියල ෆේස්බුක් එකේ නෝට් එකක් දැම්මා.


මම ඒ සටහනේ ඔහුගේ ලිවීමේ ශෛලියට කැමතියි, ඒක හරිම සෞන්දර්යාත්මක,  සාහිත්‍යමය සටහනක්. මමත් ඒක මගේ FB ල් එකේ ශෙයා කලා. මම හිතන්නේ එහි ඔහුගේ මූලික අරමුණ වුණේ  "විජයග්‍රහණයේ සැමරුම"ට සමගාමීව ලංකාවේ සිංහල සහ දෙමළ සමාජයන් අතර සංහිඳියාව ගැන කතාබහක් ඇති කිරීම. ඒකට සිංහල (බොහෝ දුරට සිංහල බෞද්ධ විය හැකියි) මිතුරන්ගෙන්  ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. සිංහල භාෂාව කියවීමේ ගැටලුව නිසා අපේ දෙමළ මිතුරන්ගේ අවධානය ඊට යොමු නොවුන බවට අනුමාන කළ හැකි වුවත්, සිංහල භාෂාව හොඳින් කියවිය හැකි දෙමළ මිතුරන්ගේවත් අවධානය ඊට යොමු වෙලා තිබුණේ නැහැ. මගේ අදහස එය අහම්බයක් නොවන බවයි.

යුද්ධ අවසානයේ සිට අවුරුදු දහයක් ගත වී ඇතත්, ඇත්තටම සංහිඳියාව සඳහා දෙමළ සමාජයට ආරාධනා කරන්න අපිට පුලුවන්ද? ඒ සඳහා අවශ්‍ය  සුදුසුකම් අපිට (සිංහල සමාජයට) තියෙනවද?

අත්අඩංගුවේ සිටින දෙමළ රැඳවියන් ගැන, උතුරු නැගෙනහිර වැසියන්ගෙන් අත්පත් කරගත් තවමත් ඔවුන් වෙත ආපසු නො දුන් ඉඩම් ගැන, තවමත් සාධාරණයක් ඉටු නොවුනු සාමාන්‍ය වැසියන් ගේ ඝාතන ගැන වචනයකවත් සදහනක් නොකර ඔවුන් වෙත දිගුකරන සංහිඳියාවේ දෑත් වලට ඔවුන් ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වනු ඇතැයි අපට අවංකවම සිතිය හැකිද? 

අත්අඩංගුවට අඩංගුවට ගත් දෙමළ රැඳවියන් වසර ගණනාවක් රඳවාගෙන සිටිද්දී,   පස් හැවිරිදි දරුවකු ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කිරීම  පිළිබඳ චූදිතයකු වූ, දීර්ඝ නඩු විභාගයකින් පසු වරදකරු වූ කෙනකු රටේ ප්‍රධාන විධායකයේ සමාව ලැබ නැවත ගෙදර යද්දී ඔවුන්ට දැනෙන හැඟීම් කෙබඳු විය හැකිද?  අප ඒ ගැන කොතෙක් දුරට සංවේදීද?

විජේවීර කියන සිංහල "ත්‍රස්තවාදියා"ගේ  හමුදාභාරයට පත් පත්වුණු දරුවන්ට තිබුණු අයිතිය, ප්‍රභාකරන් කියන  දෙමළ "ත්‍රස්තවාදියා" ගේ බාල දරුවාට නැති වෙන්න හේතුව  අපි තේරුම් ගන්නේ මොන විදිහටද? 


අවුරුද්දකට දෙපාරක් තමන්ගෙ "මහ විරුවෝ" සමරන්න ජවිපෙට තියන අයිතිය  දෙමළ මිනිස්සුන්ට ඔවුන්ගේ "මහ විරුවෝ" සිහිකරන්න තිබිය යුතුයි කියලා පිළිගන්න අපි සූදානම් ද?
 

මගේ අදහස නම් ගැටුමට මැදි වූ  දෙපාර්ශ්වයෙන්ම එකිනෙකා වෙත එල්ල කෙරෙන මෙවැනි චෝදනා පිළිබඳ සාධාරණ විභාගයකින් සත්‍යය හෙළිකර ගැනීමෙන් තොරව සංහිඳියාවක් ගැන කතා කිරීමට හැකි හැකියාවක් නැත යන්නයි. 

මේ බ්ලොගයේ මගේ පළමු  සටහනේ කියපු විදිහට, මෙතනදි සිංහල අන්තවාදීන් මොනම ආකාරයකවත් පරීක්ෂණයකට දැඩිව විරුද්ධ වෙනව. දෙමළ අන්තවාදීන් මේ ගැන ජාත්‍ය්න්තර පරීක්ෂණයක් කරල වැරදි කරුවන්ට උපරිම දඬුවම් දෙන්න කියනව. මම හිතන්නෙ මෙතන මුලින්ම කලයුත්තේ මානව හිමිකම් උල්ලංඝනය වූ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ දුක් ගැනවිළි වලට ඇහුම්කන් දී, අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් තොරතුරු විමර්ශනය කර එසේ උල්ලංඝනය වී ඇත්නම්, රජයක් ලෙස ස්වයං විවේචනාත්මකව එය පිලිගැනීම (admit the truth) සහ කණගාටුව පළකිරීමයි. ඉන්පසු සංහිඳියාව සඳහා යන ගමනේදී චෝදනා එල්ල වී ඇති (මහින්ද, ගෝඨාභය, සරත් ෆොන්සේකා, කේපී, කරුණා, පිල්ලෙයාන් ඇතුළු සියලු පාර්ශව වල)   පුද්ගලයන්ට (වරදකරුවන් බවට ඔප්පු වුවහොත්) පොදු සමාවක් යෝජනා කල හැක. ඒත්  සමගම පළාත් සභා වලට ව්‍යවස්ථානුකූලව හිමිවිය යුතු බලතල පවරා, උ/නැ පලාත් වල හමුදාවට පවරා ගත්ත සාමාන්‍ය මිනිස්සුන්ගේ ඉඩම් ආපහු දිය යුතුයි. එවැනි කරුණු තෘප්ත වුවහොත් හුදෙක් චූදිතයන්ට දඬුවම් කිරීම සංහිඳියාව සඳහා අත්‍යවශ්ය කරුණක් නොවන බව මගේ හැඟීමයි. 


ගැටළුව වන්නේ තව තවත් ජාතිවාදයේ පතුලටම  ගිල්වමින් පවතින සිංහල සමාජය අඩු තරමින් සත්‍යය පිළිගැනීමටවත් සූදානම්ද යන්නයි!

එබැවින් යම් කෙනෙක් මේ මොහොතේ සිංහල දෙමළ සංහිඳියාව ගැන අවංකවම හිතන්නේ නම් කළ යුත්තේ ඒ පිළිබඳ සෞන්දර්යාත්මක ලේඛනයෙන් ඔබ්බට ගොස් ඉහත ගැටලු ගැන සිංහල සමාජය තුළ කතිකාවක් ඇති කිරීමත්, එහි ඇති ජාතිවාදී ප්‍රවණතාවන්ට විවෘතවම විරෝධය දැක්වීමත්, ඉහත සඳහන් කළ දෙමළ ජනතාවගේ ගැටලු වලට විසඳුම් ලබාදීමට තමුන්ට හැකි මට්ටමින් හෝ  පාලකයින්ට බලපෑම් කිරීමත්ය.


 සංවාදයට! 



----------------------------------------------------------------------------------------------------------------------
විරාජ් ලියු සටහන:

මාවිල් ආරු සොරොව්ව වැසූ මල්ලී වෙත ලියා දන්වන වගනම්... 



මල්ලියේ,

උඹ අද ජීවත් වෙනවාද නැද්ද කියන්න මා දන්නේ නැත.. එසේම උඹට තේරෙන්න්ට දෙමළෙන් මේ ලියුං කඩදහිය ලියන්නටද මා දන්නේ නැත.. ඒ ගැන මා පසු තැවෙමි..

සාමාන්‍යයෙන් සොරොව්වක් වසන්නෙ වතුර ටික ඉතිරි කර ගන්ටය.. එනමුත් එදා 2007 ජූලි 26 උඹ මාවිල් ආරු සොරොව්ව වැහැව්වේ උඹට ඉහලන් ආ ඕඩරේකටය.. ඒදා උඹ කලේ රටක ඉරණමේ වෙනසක් බව උඹට හීනෙකින්වත් නොසිතෙන්නට ඇත..

කොහොමෙන් කොහොමෙන් හරි එදා උඹේ ක්‍රියාවත් සමග වෙන්න ඕන හරිය සිදු උනේය.. උඹලාගෙ දේශපාළුවන් ඇතුළු ඉහල ඇත්තන් මෙන්ම අපේ එහෙම උන්ද කාලයක් තිස්සේ පරම්පරා ගානකට බඩ කට පුරා කන්න හම්බු කරගත් ඒ කාළකන්නි යුද්දය ඉවරෙටම ඉවර විය.. උඹේ අයියලා, අක්කලා, මල්ලිලා, නංගිලා මෙනම අපේ උන් බරගානකටද දියුනු රට වල හදා අපිට ආදරෙයෙන් විකුණන ලද අවි ආයුධ වල මිහිර විඳින්න්ට සිදු උනේ එලොව ගිහින්ය.. තව බොහෝ ගණනකට අත පය ආදී ශරීරාංග අහිමිව මැරි මැරී ජීවත් වෙන්නට සිද්ධ වී ඇත.. උතුරේ කෙසේ වෙතත් දකුනේනම් අපේ පොලිටික්කෝ උන්ව කොටුව ඉස්ටේසම ඉස්සරහට ගෙනැවිත් ආතල් ගන්නේය..

මල්ලියේ.. උඹලා සුලු ජාතියක් නිසා උඹලාට නොයෙකුත් ගැටළු තියෙන්නට ඇත.. ඒත් උඹලාගෙ නෑයන් වැල්ලවත්ත, දෙහිවල, මට්ටක්කුලිය පැත්තේ ඒ ප්‍රස්න මොකුත් නැතුව කා බී ප්‍රීතියෙන් ජීවත් උනේය..අදටත් තත්වය එසේමය.. එහෙම උනේ ඇයි බන්..?

මට හිතෙන විදිහට ගැටළුව තිබ්බේ ප්‍රස්නය දිහා උතුරේ සිට බලන විට පෙනුන විදිහේය.. ඇත්ත ප්‍රස්නය උඹලාට පෙනුන දේ නෙමේය..ඒ කාටත් පොදු බඩගින්නය.. උඹලගේ වැල්ලවත්තේ නෑයන්ට නැත්තේද ඒකය.. ඒ නිසා උන්ට වෙනම රටවල් ඕනේ නැත.. කුසගින්නේ පෙළෙන උඹලාට තමන්ගේ රාජ්‍යයක ඉදිරියේදී ගන්නා ආතල් විකිණීම පහසු විය.. උඹලාට ඉතරක් නෙමේය.. අවස්තා දෙකකදී දකුණේ කොල්ලන්ටද විකුණුවේ ඕකය.. උනුත් ගුලිය කා ඉගෙන ගැනීම පසෙක තබා ගත්තේ රුසියාවෙන් ගෙන්වූ AK 47 ය.. අන්න්තිමට උන් ආණ්ඩුවේ නීත්‍යානුකූල බඩු වලට බිලි විය.. උන්ගෙ අම්මලාට නෑයින්ට සදාකාලිකව විඳවන්නට උන්ගේම බඩගින්න පාර කපා දුන්නේය..
කොහොමින් හරි අද සිරි ලංකාවේ යුද්ධයක් නැත.. උඹලාගේ උන් මෙන්ම අපේ උන්ද බුරුතු පිටින් මැරුනේය.. අපේ උන්ට කන්න බොන්න සහ අපේ පොඩි උන්ට ඉගෙන ගන්න රටේ තිබු තුට්ටු දෙක කොහේදෝ නොරටක හැදෙහ TNT සහ C4 ලෙස වාෂ්ප විය.. එයද මදි වී ඒ රටවලින්ම නයට ඩොලර් හිඟා කාගෙනද අපි ගිණිකෙළි සංදර්ශන පැවැත්වුයෙමු..

දැං හොඳටම ඇතිය.. අපි හැමෝටම හතිය...

මල්ලියේ අපි මෙහෙම කරමු.. උඹ අරන් වරෙන් තල් අත්තක් මාවිල් ආරු සොරොව් පාමුලට.. 

අපි එදා උඹලාව එළවා නැවත සොරොව්ව ඇරපු ආමි මල්ලීටත් කතා කරමු..
මල්ලියේ උඹ ගෙනෙන් පොල් අත්තක්..

දෙන්නාම එකතු පහදු වී අපි වියමු... හෙවිල්ලන්නට එක ගෙයක්.. 

ඒ ගේ යට කවදා හෝ පොඩි එකෙක් නොතෙමී අකුරක් ඉගෙන ගනු ඇත.. ඒ අකුර සිංහලද දෙමළද කියන එක වැදගත් නැත..

තුති...!

Thursday, May 28, 2020

වසර පහකට පසු තවත් උත්සාහයක්!

Image: quoteswave.com
බ්ලොග් එක පටන් අරන් අවුරුදු පහක් ගත්ත වුණත් පළවෙනි පෝස්ට් එකෙන් පස්සෙ මොකුත්ම ලියන්න බැරි උනා. :) අධ්‍යයන කටයුතු වල සහ පෞද්ගලික ජීවිතයේ සිදුවුන තීරණාත්මක වෙනස්කම් කීපයක් වගේම, ලියන්න තියෙන සහජ කම්මැලිකමත් ඒකට හේතු උනා. ඒත් මෑතක ඉඳන් facebook එකේ ගත කරන කාලය අපරාදෙ කියලා හිතන නිසා ඒ වෙනුවට මෙතන මොන්වා හරි ලියන්න ඕනේ කියලා හිතුවා. 

 කොහොමත් මම දක්ෂ ලියන්නෙක් නෙමෙයි, මේ උත්සහයත් කොච්චර දුරට සාර්ථක වෙයිද කියන්න මම දන්නේ නෑ.  පුළුවන් විදිහට, ඉඩ ලැබෙන හැටියට, හිතෙන හැටියට මගේ අදහස් මෙහි ඔබත් එක්ක බෙදා ගන්න බලන්නම්!


Tuesday, May 19, 2015

වර්තමානයෙ රටේ තත්ත්වය ගැන මගේ අදහස...

පහුගිය චන්දෙදි මම යහපාලන ප්‍රොජෙක්ට් එකට සහයොගය දක්වපු කෙනෙක් නෙවේනමුත් මහින්ද පැරදවිය යුතුයි කියන මතයේ මම හිටියාඒකට හේතු උනේ මහින්ද පාලනය යටතේ මූලික කතා කිරීඑමේ නිදහසත් වේගයෙන් හැකිලිලා යනව දැක්ක නිසාකෙසේ වෙතත් දැන් රටේ තත්ත්වය ජනවාරි 8 වෙනිදට කලින් තිබුනු තත්ත්වයට වඩා සෑහෙන්න හොඳයි කියල මම පිලිගන්නවඅඩු තරමෙ වරදක් දැක්කම ඒගැන විවෘතව කතා කරන්නවත් දැන් පුලුවන්හැබැයි මේ තත්ත්වය දිගටම පවතීවි කියල සහතික දෙන්න ඉක්මන් වෙන්නෙත් නැහැ.මෛත්‍රී ඇවිත් තත්ත්වය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරයි කියන බලපොරොත්තුවක් මට නම් කොහොමත් තිබුනෙ නැහැමෛත්‍රී ආවත් ලංකාවෙ යන සිස්ටම් එකේ core එකේ basic වෙනස්කම් කරන්න බැහැ කියන එක බොහොම පැහැදිලියි.
මේ ටික මුලින් කියල තිබ්බෙ ඉස්සරහට කියන්න යන දේවල් වලට මේ පසුබිම වැදගත් වෙයි කියල හිතුන නිසා.
වර්තමානයෙ රටේ තත්ත්වය ගැන මගේ අදහස...
ඊනියා නිදහසේ ඉඳන්ම අපේ රටේ දේශපාලනයේ වැදගත් හැරවුම් ලකෂ්‍ය වල තීරණාත්මක සාධකයක් වුනේ ජාතිවාදයයිමානව හීමිකම් උල්ලංඝනය වීම ගත්තත්වංචා දූෂණ ගත්තත්ඒකාධිපති පාලන ක්‍රමය ගත්තත්නීතියේ ආධිපත්‍යය නැති වීම ගත්තත්දුප්පත් කම ගත්තත් මේ හැම එකක්  ගැටගැහිල තියෙන්නෙ ලංකාවෙ ජාතික ගැටළුවටමේකට නිවැරදි උත්තරයක් හොයා ගන්නකල් අනිත් කිසිම ගැටලුවකට උත්තර හොයන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ.
යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලන්ඝනය වීම්
මෙතනදි සිංහල අන්තවාදීන් මොනම ආකාරයකවත් පරීක්ෂණයකට දැඩිව විරුද්ධ වෙනවදෙමළ අන්තවාදීන් මේ ගැන ජාත්‍ය්න්තර පරීක්ෂණයක් කරල වැරදි කරුවන්ට උපරිම දඬුවම් දෙන්න කියනවමම හිතන්නෙ මෙතන මුලින්ම කලයුත්තේ මානව හිමිකම් උල්ලංඝනය වූ සිංහලදෙමළමුස්ලිම් සියලු දෙනාගේ දුක් ගැනවිළි වලට ඇහුම්කන් දීඅභ්‍යන්තර පරීක්ෂණයක් මගින් තොරතුරු විමර්ශනය කර එසේ උල්ලංඝනය වී ඇත්නම්ස්වයං විවේචනාත්මකව (රජයක් ලෙසඑය (Truth) පිලිගැනීම සහ කණගාටුව පළකිරීමයිඉන්පසු සංහිඳියාව (Reconciliation) සඳහා යන ගමනේදී (Mahinda, Gota, SF, KP,Karuna, ඇතුළු සියලු පාර්ශව වලචූදිතයන්ට (වරදකරුවන් බවට ඔප්පු වුවහොත්පොදු සමාවක් යෝජනා කල හැකඒත් එක්කම පළාත් සභා වලට ව්‍යවස්ථානුකූලව හිමිවිය යුතු බලතල පවරලනැ පලාත් වල හමුදාවට පවර ගත්ත සාමාන්‍ය මිනිස්සුන්ගේ ඉඩම් ආපහු දිය යුතුයි 
මෙවැනි තත්ත්වයක් යටතේ හුදෙක් චූදිතයන්ට දඬුවම් කිරීම සංහිඳියාව සඳහා අත්‍යවශ්ය කරුණක් නොවන බව මගේ හැඟීමයිගැටළුව වන්නේ ජාතිවාදයේ කරවටක් ගිල්වා ඇති සිංහල සමාජය අඩු තරමින් සත්‍යය පිළිගැනීමටවත් සූදානම්ද යන්නයි!
මළවුන් සැමරීම
මළවුන් සැමරීම දශක ගණනාවක සිටම කරගෙන යන කණ්ඩායමක් තමයි .වි.පෙ.. ඔවුන් 71 සහ 87-89 කැරලි වලදී මිය ගිය තම සාමාජිකයන් සිහිකරල වසරක් පාසා සමරු වැඩසටහන් සංවිධානය කරනව.වි.පෙ ඔවුන් විරුවොනමුත් බහුතරයකත ඔවුන් ම්ලේඡ්ච ත්‍රස්තවාදියොඇත්තම කියනවනම් ත්‍රස්ත ක්‍රියා වලින් කොටි කරපු.වි.පෙනොකරපු දෙයක් තියනවනම්  මරාගෙන මැරෙන ප්‍රහාර විතරයිඅනිත් හැම ත්‍රස්ත ක්‍රියාවක්ම අඩු වැඩි වශයෙන් .වි.පෙ.ත් කලානමුත්  කිසි කාරණයක් .වි.පෙ. නිළ වශයෙන් .වි.පෙහැටියටම තමන්ගේ සගයන් සමරන්න 'විරු සමරුඋත්සව කරන්න බාධාවක් උනේ නැහැ
උතුරු නැගෙනහිර බහුතරයක් දෙමළ පවුල් වලට කොටි සංවිධානයත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තිබුන කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවේකොටින්ගෙන් කොච්චර බැට කෑවත්ලංකාවෙ හමුදාවද කොටිද කියන තෝරාගැනීම කරන්න උනොත් බහුතරය ගන්නෙ කොටින්ගෙ පැත්තඅපි කලේ දෙමළ ජනතාව කොටින්ගෙන් බේරා ගැනීමේ 'මානුශීය මෙහෙයුමක්කියල දකුනෙ ඉඳන් අපි කොච්චර කිව්වත් දෙමළ මිනිස්සු බහුතරයකට ප්‍රභා සහ LTTE එක විරුවො වෙන්නෙ  නිසයිප්‍රශ්නය මතුවෙන්නෙ (LTTE හැටියට නොවී පවා මිනිස්සු තමන්ගෙ පවුල් වල නැතිවුන සාමාජිකයන් සමරද්දියිදකුණට අනුව ඒක කොටි සැමරුමක්නොකළයුතු දෙයක්.
දකුණේ මිනිස්සුන්ට .වි.පෙවිරු සමරු ගැටලුවක් නොවෙන්නෙත්උතුරෙ මළවුන් සමරුම් බරපතළ ගැටලුවක් වෙන්නෙත් ඇයි
මට තේරෙන හැටියට මේකට හේතුව media & education system වලින්  අපිටත් නොදැනීම අපේ ඔලු වලට එන්නත් කරල තියන ජාතිවාදී විෂබීජ කියලයි.
මගේ අදහස නම් දකුණේ සමහරුන්ට විජේවීර සමරන්න තියන අයිතිය උතුරේ අවශ්‍ය කෙනෙකුට ප්‍රභාකරන් සමරන්නත් තිබිය යුතුයි අයිතිය අහුරන්න අහුරන්න වෙන්නෙ ප්‍රභා විරුවෙක් හැටියට දෙමළ මනසෙ තව තවත් තහවුරු වෙන එක විතරයිතහංචි නැතුව ඒක කරගෙන යන්න දුන්නොත් අවුරුදු කීපයකින් ඒකත් තවත් එක දවසක තවත් එක සැමරුමක් වෙයිහරියට .වි.පෙඅප්‍රේල් විරු සමරුව වගේ.
හොරු ඇල්ලීම
මේක නම් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් හැටියටයි මම දකින්නෙ කෙනෙක් කියන්න පුලුවන් මේ අල්ලන්නෙ විරුද්ධවාදීන්ගෙ හොරකම් විතරයි කියලඒකට විසඳුම හොරු අල්ලන යාන්ත්‍රණය අහෝසි කරන එක නෙවේනෙපහුගිය කාලෙ හොරුන්ට දඩුවම් දුන්නම දැන් ඉන්න කට්ටියත් හිතයි හොරකම් කලොත් ආණ්ඩුව මාරු උන දවසට අපිටත් මේ සන්තෑසියම වෙයි කියලමොකද  මේ කට්ටියත් හැමදාම බලයේ ඉන්නෙ නැහැනෙගැටලුව උනේ තමුන්හොරු රැක්ක කියන එක  මහින්ද එළිපිටම පිලිගත්ත එකයි.
සංවාදයට විවෘතයි.