පහුගිය චන්දෙදි මම යහපාලන ප්‍රොජෙක්ට් එකට සහයොගය දක්වපු කෙනෙක් නෙවේ; නමුත් මහින්ද පැරදවිය යුතුයි කියන මතයේ මම හිටියා. ඒකට හේතු උනේ මහින්ද පාලනය යටතේ මූලික කතා කිරීඑමේ නිදහසත් වේගයෙන් හැකිලිලා යනව දැක්ක නිසා. කෙසේ වෙතත් දැන් රටේ තත්ත්වය ජනවාරි 8 වෙනිදට කලින් තිබුනු තත්ත්වයට වඩා සෑහෙන්න හොඳයි කියල මම පිලිගන්නව. අඩු තරමෙ වරදක් දැක්කම ඒගැන විවෘතව කතා කරන්නවත් දැන් පුලුවන්. හැබැයි මේ තත්ත්වය දිගටම පවතීවි කියල සහතික දෙන්න ඉක්මන් වෙන්නෙත් නැහැ.මෛත්‍රී ඇවිත් තත්ත්වය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරයි කියන බලපොරොත්තුවක් මට නම් කොහොමත් තිබුනෙ නැහැ. මෛත්‍රී ආවත් ලංකාවෙ යන සිස්ටම් එකේ core එකේ basic වෙනස්කම් කරන්න බැහැ කියන එක බොහොම පැහැදිලියි.මේ ටික මුලින් කියල තිබ්බෙ ඉස්සරහට කියන්න යන දේවල් වලට මේ පසුබිම වැදගත් වෙයි කියල හිතුන නිසා.වර්තමානයෙ රටේ තත්ත්වය ගැන මගේ අදහස...ඊනියා නිදහසේ ඉඳන්ම අපේ රටේ දේශපාලනයේ වැදගත් හැරවුම් ලකෂ්‍ය වල තීරණාත්මක සාධකයක් වුනේ ජාතිවාදයයි. මානව හීමිකම් උල්ලංඝනය වීම ගත්තත්, වංචා දූෂණ ගත්තත්, ඒකාධිපති පාලන ක්‍රමය ගත්තත්, නීතියේ ආධිපත්‍යය නැති වීම ගත්තත්, දුප්පත් කම ගත්තත් මේ හැම එකක් ම ගැටගැහිල තියෙන්නෙ ලංකාවෙ ජාතික ගැටළුවට. මේකට නිවැරදි උත්තරයක් හොයා ගන්නකල් අනිත් කිසිම ගැටලුවකට උත්තර හොයන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ.යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලන්ඝනය වීම්මෙතනදි සිංහල අන්තවාදීන් මොනම ආකාරයකවත් පරීක්ෂණයකට දැඩිව විරුද්ධ වෙනව. දෙමළ අන්තවාදීන් මේ ගැන ජාත්ය්න්තර පරීක්ෂණයක් කරල වැරදි කරුවන්ට උපරිම දඬුවම් දෙන්න කියනව. මම හිතන්නෙ මෙතන මුලින්ම කලයුත්තේ මානව හිමිකම් උල්ලංඝනය වූ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ දුක් ගැනවිළි වලට ඇහුම්කන් දී, අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් තොරතුරු විමර්ශනය කර එසේ උල්ලංඝනය වී ඇත්නම්, ස්වයං විවේචනාත්මකව (රජයක් ලෙස) එය (Truth) පිලිගැනීම සහ කණගාටුව පළකිරීමයි. ඉන්පසු සංහිඳියාව (Reconciliation) සඳහා යන ගමනේදී (Mahinda, Gota, SF, KP,Karuna, ඇතුළු සියලු පාර්ශව වල) චූදිතයන්ට (වරදකරුවන් බවට ඔප්පු වුවහොත්) පොදු සමාවක් යෝජනා කල හැක. ඒත් එක්කම පළාත් සභා වලට ව්‍යවස්ථානුකූලව හිමිවිය යුතු බලතල පවරල, උනැ පලාත් වල හමුදාවට පවර ගත්ත සාමාන්‍ය මිනිස්සුන්ගේ ඉඩම් ආපහු දිය යුතුයි.
මෙවැනි තත්ත්වයක් යටතේ හුදෙක් චූදිතයන්ට දඬුවම් කිරීම සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය කරුණක් නොවන බව මගේ හැඟීමයි. ගැටළුව වන්නේ ජාතිවාදයේ කරවටක් ගිල්වා ඇති සිංහල සමාජය අඩු තරමින් සත්‍යය පිළිගැනීමටවත් සූදානම්ද යන්නයි!මළවුන් සැමරීමමළවුන් සැමරීම දශක ගණනාවක සිටම කරගෙන යන කණ්ඩායමක් තමයි ජ.වි.පෙ.. ඔවුන් 71 සහ 87-89 කැරලි වලදී මිය ගිය තම සාමාජිකයන් සිහිකරල වසරක් පාසා සමරු වැඩසටහන් සංවිධානය කරනව. ජ.වි.පෙ. ට ඔවුන් විරුවො, නමුත් බහුතරයකත ඔවුන් ම්ලේඡ්ච ත්‍රස්තවාදියො. ඇත්තම කියනවනම් ත්‍රස්ත ක්‍රියා වලින් කොටි කරපු, ජ.වි.පෙ. නොකරපු දෙයක් තියනවනම් ඒ මරාගෙන මැරෙන ප්‍රහාර විතරයි. අනිත් හැම ත්‍රස්ත ක්‍රියාවක්ම අඩු වැඩි වශයෙන් ජ.වි.පෙ.ත් කලා. නමුත් ඒ කිසි කාරණයක් ජ.වි.පෙ.ට නිළ වශයෙන් ජ.වි.පෙ. හැටියටම තමන්ගේ සගයන් සමරන්න 'විරු සමරු' උත්සව කරන්න බාධාවක් උනේ නැහැ.උතුරු නැගෙනහිර බහුතරයක් දෙමළ පවුල් වලට කොටි සංවිධානයත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තිබුන කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවේ. කොටින්ගෙන් කොච්චර බැට කෑවත්, ලංකාවෙ හමුදාවද කොටිද කියන තෝරාගැනීම කරන්න උනොත් බහුතරය ගන්නෙ කොටින්ගෙ පැත්ත. අපි කලේ දෙමළ ජනතාව කොටින්ගෙන් බේරා ගැනීමේ 'මානුශීය මෙහෙයුමක්' කියල දකුනෙ ඉඳන් අපි කොච්චර කිව්වත් දෙමළ මිනිස්සු බහුතරයකට ප්‍රභා සහ LTTE එක විරුවො වෙන්නෙ ඒ නිසයි. ප්රශ්නය මතුවෙන්නෙ (LTTE හැටියට නොවී පවා) ඒ මිනිස්සු තමන්ගෙ පවුල් වල නැතිවුන සාමාජිකයන් සමරද්දියි. දකුණට අනුව ඒක කොටි සැමරුමක්; නොකළයුතු දෙයක්.දකුණේ මිනිස්සුන්ට ජ.වි.පෙ. විරු සමරු ගැටලුවක් නොවෙන්නෙත්, උතුරෙ මළවුන් සමරුම් බරපතළ ගැටලුවක් වෙන්නෙත් ඇයි?මට තේරෙන හැටියට මේකට හේතුව media & education system වලින් අපිටත් නොදැනීම අපේ ඔලු වලට එන්නත් කරල තියන ජාතිවාදී විෂබීජ කියලයි.මගේ අදහස නම් දකුණේ සමහරුන්ට විජේවීර සමරන්න තියන අයිතිය උතුරේ අවශ්‍ය කෙනෙකුට ප්රභාකරන් සමරන්නත් තිබිය යුතුයි. ඒ අයිතිය අහුරන්න අහුරන්න වෙන්නෙ ප්‍රභා විරුවෙක් හැටියට දෙමළ මනසෙ තව තවත් තහවුරු වෙන එක විතරයි. තහංචි නැතුව ඒක කරගෙන යන්න දුන්නොත් අවුරුදු කීපයකින් ඒකත් තවත් එක දවසක තවත් එක සැමරුමක් වෙයි, හරියට ජ.වි.පෙ. අප්‍රේල් විරු සමරුව වගේ.හොරු ඇල්ලීමමේක නම් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් හැටියටයි මම දකින්නෙ කෙනෙක් කියන්න පුලුවන් මේ අල්ලන්නෙ විරුද්ධවාදීන්ගෙ හොරකම් විතරයි කියල. ඒකට විසඳුම හොරු අල්ලන යාන්ත්‍රණය අහෝසි කරන එක නෙවේනෙ. පහුගිය කාලෙ හොරුන්ට දඩුවම් දුන්නම දැන් ඉන්න කට්ටියත් හිතයි හොරකම් කලොත් ආණ්ඩුව මාරු උන දවසට අපිටත් මේ සන්තෑසියම වෙයි කියල, මොකද මේ කට්ටියත් හැමදාම බලයේ ඉන්නෙ නැහැනෙ. ගැටලුව උනේ තමුන්හොරු රැක්ක කියන එක මහින්ද එළිපිටම පිලිගත්ත එකයි.සංවාදයට විවෘතයි.
ඔබේ අදහස් සහ මගේ අදහස් සමපාත වෙනවා. බහුතරයක් බ්ලොග්කරුවන් හිතන්නේත් මෙහෙම තමයි.
ReplyDeleteඅළුත් බ්ලොගයට සුභ පැතුම්!
ප්‍රතිචාරයට ස්තූතියි රසික!
Deleteඔබ සමග මමද එකගවෙමි
ReplyDeleteවසර පහක ඉතිහාසය මෙලෙස සාරාංශ කර කිව හැක.
ReplyDeleteඅයියෝ සිරිසේන!